ABB- පාරිභෝගික රහස්‍යතා ප්‍රතිපත්ති සංග්‍රහය
1. පූර්විකාව
ඔබගේ පුද්ගලික දත්ත සැකසීම පිළිබඳව වගකීමට බැදී සිටින ABB ආයතනය විසින් නිකුත් කරනු ලබන මෙම පාරිභෝගික රහස්‍යතා නිවේදනය ("දැන්වීම") ABB සමාගම් සමූහයට අදාළ වේ. එනම් ස්විට්සර්ලන්තයේ ABB ලිමිටඩ් සහ ස්විට්සර්ලන්තයේ ABB ලිමිටඩ් සමඟ සෘජුව හෝ වක්‍රව සම්බන්ධ ඔවුන්ට සමාගමේ පාලනයට බහුතර ඡන්ද අයිතියක් ඇති හෝ බහුතර හිමිකාරීත්වය දරණ හෝ ඔවුන්ගේ පාලනය සහිත සෑම ආයතනයකටම අදාළ වේ. ඔබට සේවා සපයන හෝ සන්නිවේදනය කරන ABB සමාගම ("ABB" හෝ "අපි" ලෙස හඳුන්වනු ලැබේ), මෙම නිවේදනයට අනුකූලව ඔබේ පුද්ගලික දත්ත සැකසීමේ වගකීම දරන අතර ඒවා භාවිතා කරන ආකාරය පාලනය කරනු ලැබේ.
2. අප රැස්කරන හා භාවිතා කරන තොරතුරු ප්‍රභේද
අපගේ පාරිභෝගික සැපයුම්කරුවන් සමඟ ඇති ගිවිසුම් සම්බන්ධයෙන් ඔබට අදාළ පුද්ගලික දත්ත අප විසින් එක්රැස් කර භාවිතා කරන්නෙමු. අප විසින් පහත දැක්වෙන පුද්ගලික දත්ත ප්‍රභේද ද එකතු කරන්නෙමු:
- ඔබ විසින් අප සමග බෙදා හදා ගන්නා ව්‍යාපාරික සම්බන්ධතා පිළිබඳ තොරතුරු: නම, තරාතිරම, තනතුරු නාම,විද්‍යුත් ලිපින, ව්‍යාපාරික ලිපිනයන්, දුරකථන අංකය, ජංගම දුරකථන අංකයන්.
- පහත දක්වා ඇති ආකාරයේ අප සමග පවත්වනු ලබන ව්‍යාපාරික සම්බන්ධතා යටතේ ඔබ විසින් අප වෙත සපයන අමතර තොරතුරු : ABB නිෂ්පාදනයන් හා සබැදි ක්‍රියාකාරකම්, උනන්දුකාරකම්, අලෙවි මනාපයන්, ව්‍යාපාර අවස්ථා වෙබ් සමුළු , වලදී, වෙළඳ ප්‍රදර්ශන වලදී ලියාපදිංචිය සඳහා සපයනලද තොරතුරු ආශ්රයෙන් සහ ගිවිසුම් සහ ඇනැවුම් දත්තයන් මගින්, ඉන්වොයිසි කුවිතාන්සි ,ගෙවිම්, ව්‍යාපාර හවුල් කාර ඉතිහාසය අපගේ ගිවිසුම්ගත බැඳීම් සහ අලෙවිකරණ ක්‍රියාකාරකම් ඇතුළුව පූර්ව ගිවිසුම්ගත ක්‍රියාමාර්ග පිළිබඳ දත්ත, ලිපි හුවමාරු දත්ත, දීමනා, ටෙන්ඩර්, කොන්ත්‍රාත් හා ඇණවුම් දත්ත, ඉන්වොයිසි කුවිතාන්සි , ගෙවීම්, රක්ෂණ දත්ත, විමසුම් / ප්‍රශ්න / පැමිණිලි / ඇණවුම් වලට අදාළ වාර්තා, සේවක අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, උපන් දිනය, සංචාරක වීසා තොරතුරු, සම්මුඛ පරීක්ෂණ ඇගයීම් / ප්‍රතිපෝෂණ, පුහුණු වාර්තා, ස්ත්‍රී පුරුෂ භාවය, පාරිභෝගික / පාරිභෝගික අංකය, නිෂ්පාදන භාවිත දත්ත, මනාපයන් ආදී වශයෙන් වූ තොරතරු.
- සන්නිවේදන පද්ධති, තොරතුරු තාක්ෂණ යෙදුම් සහ වෙබ් අඩවි බ්‍රවුසරය විසින් එකතු කරන ලද විද්‍යුත් හඳුනාගැනීමේ දත්ත සහ තොරතුරු, මත: IP ලිපිනය, ඔබේ වෙබ් අඩවියට පිවිසීමේ ප්රභවය, වෙබ් පිටු දසුන් සහ වෙබ් අඩවියේ හෝ විශේෂිත පිටුවක ගත කළ කාලය, සබැඳි ක්ලික් කිරීම, අදහස් හුවමාරු කර ගැනීම, ඊමේල් (විද්‍යුත් ලිපින)විවෘත කිරීම, බ්‍රවුසරයේ වර්ගය, පැමිණි දිනය සහ ගතකළ වේලාව, උපාංග හඳුනාගැනීම් (ජංගම උපාංග හැඳුනුම්පත, පරිගණක හැඳුනුම්පත ආදිය), කුකීස්, ඩිජිටල් අන්වර්ථ නාම / අත්සන, ලියාපදිංචිය සහ පිවිසුම් අක්තපත්‍ර, ලුහුබැඳීම් / විශ්ලේෂණ දත්ත ආදී වශයෙන්.
පහත සඳහන් ආකාරයේ පුද්ගලික දත්ත එක්රැස් කර සකස් කරනු ලබන්නේ, ඔබ පදිංචි රටෙහි අදාළ වන දේශීය නීති පද්ධතිවලට අනුකූලව නම් පමණි.
- සාපරාධී දඩුවම් සහ වරදවල් එනම් සාපරාධී පසුබිම් පරීක්ෂාව සහ ඔබේ ගනුදෙනුකරු (“KYC”) සහ මුදල් විශුද්ධිකරණ විරෝධී (“AML”) බැඳීම් දැන ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට දත්තයන්,
- අපගේ බැඳීයාවන් ඉටුකිරීම සදහා අවශ්‍යවනතාක් දුරට පොදුවේ ප්‍රවේශ විය හැකිවන ආකාරයෙන් වූ ප්‍රභවයන්ගෙන් ලබාගන්නා ලද හෝ තෙවන පාර්ශවයන් විසින් නීත්‍යානුකූලව සම්ප්‍රේෂණය කරන ලද දත්තයන්. (උදාහරන: ණය නියෝජිතායතනයක් විසින්): වාණිජමය ලේඛණ ගත දත්තයන්, සංගමයන්හි ලේඛණ ගත දත්තයන්, ණය දීමට සුදුසුයයි තීරණය කෙරෙන දත්තයන්
- ඔබගේ පුද්ගලික දත්තයන් අප භාවිත කරන්නේ කුමක් සඳහාද ?.
අප ඔබගේ පුද්ගලික දත්තයන් භාවිත කරනු ලබන්නේ:
- ඇනවුම් සම්පාදනය සහ සම්පූර්ණ කිරීම සදහා සහ ඔබගේ හෝ ඔබගේ සමාගමේ ඇනැවුම් වල පවතින තත්ත්වය පිලිබඳව ඔබට දැනුම් දීම සඳහා.
- අපගේ නිෂ්පාදනයන් සහ සේවාවන් සැපයීම සහ පරිපාලනය සඳහා.
- මිල ගණන් ඉදිරිපත් කිරීම සහ පාරිභෝගික සහ නිෂ්පාදන සහාය සහ ක්‍රියාවලිය සැපයීම, ඉල්ලීම් හා විමසීම් ඇගයීම සහ ප්‍රතිචාර දැක්වීම, කොන්ත්‍රාත් ජීවන චක්‍ර කළමනාකරණය සහ අනාගත සන්නිවේදනයන් සඳහා අනාගත ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික දත්ත ග්‍රහණය කර ගැනීම ඇතුළුව පාරිභෝගික සම්බන්ධතාවය කළමනාකරණය කිරීම;
- පාරිභෝගික තෘප්තිය පිළිබඳ සමීක්ෂණ, අලෙවිකරණ ව්‍යාපාර, වෙළෙඳපොළ විශ්ලේෂණය, තරඟ, හෝ වෙනත් ප්‍රවර්ධන ක්‍රියාකාරකම් හෝ සිදුවීම් පැවැත්වීම සහ පහසුකම් සැපයීම;
- අලෙවිකරණ සහ විකුණුම් ක්‍රියාකාරකම් පැවැත්වීම (අවස්ථා උත්පාදනය කිරීම, අලෙවිකරණ අපේක්ෂාවන් ලුහුබැඳීම, වෙළෙදපළ පර්යේෂණ සිදු කිරීම, අපගේ වෙළඳ ප්‍රචාරණ සහ අලෙවිකරණ ව්‍යාපාරවල ඵලදායීතාවය තීරණය කිරීම සහ කළමනාකරණය කිරීම සහ අපගේ වෙළෙඳ නාමය කළමනාකරණය කිරීම සහ නව ව්‍යාපාර ව්‍යාපෘති පිළිබඳව සන්නිවේදනය කිරීම ඇතුළුව);
- නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ තැපැල්, දුරකථන, කෙටි පණිවිඩ, විද්‍යුත් තැපෑල සහ වෙනත් ඩිජිටල් ක්‍රම මගින් ඔබට අලෙවිකරණ සන්නිවේදනයන් එවීම (ඇඟවීම්, ප්‍රවර්ධන ද්‍රව්‍ය, පුවත් පත්‍රිකා ආදිය);
- අදාළ අලෙවිකරණ දීමනා සහ තොරතුරු සැපයීම සඳහා පුද්ගලික දත්ත විශ්ලේෂණය කිරීම, පාරිභෝගික සම්බන්ධතා තොරතුරු වල නිරවද්‍යතාවය සහතික කිරීම.
- පාරිභෝගික පුහුණු කිරීම් සහ පාඨමාලා පැවැත්වීම
- තොරතුරු තක්සේරු කිරීම සහ විශ්ලේෂණය කිරීම තුළින් වෙළෙඳපොළ බුද්ධිය සහ සේවා සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම ඇතුළුව ABB සමඟ ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් දියුණු කිරීම සහ වඩා හොඳ සහ වඩා පුද්ගලාරෝපිත අන්තර්ගතයන් සැපයීම සඳහා වෙළෙඳපොළ පර්යේෂණ, ප්රවණතා විශ්ලේෂණය, මූල්‍ය විශ්ලේෂණය, පාරිභෝගික කොටස් වෙන් කිරීම සහ ගනුදෙනුකරුවන්ගේ පැතිකඩ වැනි වාර්තාකරණ සහ දත්ත විශ්ලේෂණය;
- ABB හෝ ව්‍යාපාර හවුල්කරුවන්ගේ නිෂ්පාදන, සේවා සහ ව්‍යාපෘති පිළිබඳව ව්‍යාපාර හවුල්කරුවන් සමඟ සන්නිවේදනය කිරීම, උදාහරණ. විමසීම් හෝ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමෙන්;
- සංචාරක විධිවිධාන, ප්‍රවේශ පත්‍ර සහ ප්‍රවාහන කළමනාකරණය, ගුවන් යානා කළමනාකරණය;
- ව්‍යාපාර ඒකක සහ සමාගම් ප්‍රතිසංවිධානය, අත්පත් කර ගැනීම සහ විකිණීම;
- ක්‍රියාවලි ගුණාත්මකභාවය සහ රක්ෂණ කළමනාකරණය;
- නියාමකයින්ට ඇති බැඳීම් සපුරාලීම සඳහා විගණන, සමාලෝචන සහ නියාමන පරීක්ෂා කිරීම් සිදු කිරීම;
- නිසි සැලකිලිමත්භාවය සහ මුදල් විශුද්ධිකරණ විරෝධී (“AML”) බැඳීම් ඇතුළුව පාලනය, අවදානම් සහ අනුකූලතාව, රේගු සහ ගෝලීය වෙළෙඳ අනුකූලතාව සහ අනුමත පාර්ශව ලැයිස්තු පරීක්ෂාව, අපරාධ සහ වංචා හඳුනා ගැනීම, වැළැක්වීම, ඇතුළු ආරක්ෂාව;
- නිෂ්පාදන, පහසුකම්, සේවා, පද්ධති, ජාල, පරිගණක සහ තොරතුරු නඩත්තු කිරීම, ආරක්ෂා කිරීම, ආරක්ෂක තර්ජන, වංචා හෝ වෙනත් සාපරාධී හෝ ද්වේෂ සහගත ක්‍රියාකාරකම් වැළැක්වීම සහ හඳුනා ගැනීම;
- දත්ත උපස්ථය, තොරතුරු පද්ධති සහාය සහ යෙදුම් කළමනාකරණය සඳහා සේවා මෙහෙයුම්, අවසන් පරිශීලක සහාය, පරීක්ෂණ, නඩත්තු කිරීම, ආරක්ෂාව (සිදුවීම් ප්‍රතිචාරය, අවදානම, උල්ලංඝනයන් සඳහා ප්‍රතිචාරය), පරිශීලක ගිණුම් නිර්මාණය සහ කළමනාකරණය, මෘදුකාංග බලපත්‍ර පැවරීම සහ කළමනාකරණය, ආරක්ෂාව සහ කාර්ය සාධනය පරීක්ෂා කිරීම සහ ව්‍යාපාර අඛණ්ඩතාව, පද්ධති වෙත ප්‍රවේශය අධීක්ෂණය කිරීම, බාගැනීම්, ඇතුළු තොරතුරු තාක්ෂණ සම්පත් කළමනාකරණය කිරීම.
ඔබගේ සම්බන්ධතා තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා, ඔබට ගැලපෙන අලෙවිකරණ සන්නිවේදනය සහ වෙළෙඳ දැන්වීමක් ලබා දී ඔබට පුද්ගලික පණිවිඩ එවීම වෙනුවෙන් ABB වෙබ් පිටු දසුන් ගණන, විවෘත කළ ඊමේල්, ඔබේ වෙබ් සමුළු ලියාපදිංචිය සහ ABB සමඟ මෑත කාලීන අන්තර්ක්‍රියා සහ ක්‍රියාකාරකම් ආදී වශයෙන් මෙම දැන්වීමේ විස්තර කර ඇති පරිදි අප ලබාගත් දත්ත මත පදනම්ව පැතිකඩක් තැනීම සඳහා අපි ස්වයංක්‍රීය ක්‍රම භාවිතා කරන්නෙමු. පැතිකඩක් තැනීම සඳහා ස්වයංක්‍රීය ක්‍රම පිළිබඳ වැඩි විස්තර ඔබට ලබා දීමට ඔබ කැමති නම්, www.abb.com/privacy හි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් ඔබට එය ඉල්ලා සිටිය හැකිය. www.abb.com/privacy හි දත්ත විෂය ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් පැතිකඩ ක්‍රියාකාරකම් වලට විරුද්ධ වීමට ඔබට අයිතියක් තිබේ .
අපි ඔබෙන් එකතු කරන්නේ ඉහත විස්තර කර ඇති අරමුණු සඳහා අපට අවශ්‍ය පුද්ගලික දත්ත පමණි. සංඛ්‍යානමය අරමුණු සඳහා, අපගේ සේවාවන් වැඩිදියුණු කිරීම සහ අපගේ තොරතුරු තාක්ෂණ පද්ධති පරීක්ෂා කිරීම අපි හැකි තරම් නිර්නාමික දත්ත භාවිතා කරන්නෙමු. මෙයින් අදහස් කරන්නේ මෙම දත්තවලට තවදුරටත් ඔබව (වක්‍රව හෝ) සෘජුවම ඔබව තනි පුද්ගලයෙකු ලෙස ඔබේ අනන්‍යතාව හඳුනාගත නොහැකි බවයි.
4. අප ඔබගෙන් ඉල්ලා ඇති ආකාරයට ඔබ විසින් අප වෙත තොරතුරු සපයනු නොලබන්නේ නම් සහ ඔබගේ තොරතුරු සැකසීම නතර කරන ලෙස ඔබ විසින් දන්වා සිටියහොත් ඇතිවන තත්ත්වය කුමක් විය හැකිද ? :
ඔබ සමග ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනංවා ගැනීම සඳහා, ඒවා පවත්වාගන යාම සදහා සහ මෙන්ම ඒවා නතර කිරීම සදහා යම් යම් පුද්ගලික දත්තයන් අවශ්‍ය වේ. ගිවිසුම් ගත බැඳීම් ඉටු කිරීම සදහා හෝ අප විසින් නීතියෙන් බැඳී ඇත්තාවූ ආකාරයට ඔබගේ පුද්ගලික දත්තයන් ඔබ විසින් අප වෙත සැපයීම අපට අවශ්‍ය වේ. එවැනි පුද්ගලික දත්තයන් නොමැතිව ඔබ සමග ගිවිසුම් ගත බැඳීම් ඇති කර ගැනීම, ඉටු කිරීම සහ අවසන් කිරීම අපට කළ නොහැකි වන්නේය. එමෙන්ම, ඔබ හෝ ඔබේ සමාගම සමග ගිවිසුම් ගත වීම සඳහා හෝ ඔබ විසින් ඉල්ලා සිටි ව්‍යාපාරික සම්බන්දතා ඇති කර ගැනීම සහ පවත්වාගන යාමට අවශ්‍ය පූර්ව ගිවිසුම් පියවරයන් ගැනීමටද අපට නොහැකි වන්නේය.
5. ඔබගේ පුද්ගලික දත්තයන් අප විසින් භාවිත කිරීමේ නෛතික පදනම
මෙම නිවේදනයේ විස්තර කොට ඇති ආකාරයට දක්වා ඇති අරමුණු සදහා පහත දැක්වෙන නෛතික පදනමක් සදහා අදාළ වන පරිදි අපි ඔබගේ පුද්ගලික දත්තයන් භාවිත කරන්නෙමු:
- ඔබ සමග හෝ ඔබගේ සමාගම සමග ඇති කර ගෙන ඇත්තාවූ ගිවිසුම් හෝ අප විසින් ගත යුතු යයි කියා සිටින පූර්ව ගිවිසුම් පියවර වල ප්‍රතිඵලයක් වන ගිවිසුම් ගත බැඳීම් ඉටු කිරීම සදහා අප විසින් ඔබගේ පුද්ගලික දත්තයන් සකසනු ලබනු ඇත.
- අදාළ වන නීති යටතේ අවශ්‍ය කොට පවත්නා විට මෙම රහස්‍යභාවය පිළිබඳ නිවේදනයේ විස්තර කොට ඇති ආකාරයට වන කාර්යයන් සදහා අපි ඔබගේ මනාපය ඉල්ලා සිටිනු ඇත. උදාහරණ වශයෙන් දක්වතොත්, ඔබ හෝ ඔබගේ සමාගම සමග කිසියම් ව්‍යාපාරික සම්බන්ධතාවක් අප විසින් නොපවත්නා අතර එහෙත් අප විසින් අලෙවි අරමුණු සඳහා ඔබගේ දත්තයන් සම්පාදනය කරන විටෙකදී: හෝ
- ඔබේ පුද්ගලික රහස්‍යතා අභිලාෂයන් මෙමගින් ඉක්මවා නොයන බැවින් ඔබ හෝ ඔබේ සමාගම සමඟ ඇති ව්‍යාපාරික සම්බන්ධතාවයේ විෂය පථය තුළ ඔබේ පුද්ගලික දත්ත සැකසීමට අපි අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා මත ස්ථාපිතව සිටින්නෙමු. එවැනි අභිලාෂයන්ට ඇතුළත් විය හැක්කේ
- මෙම අරමුණු සඳහා පුද්ගලික දත්ත එකතු කිරීම සහ භාවිතා කිරීම අපගේ ව්‍යාපාරයේ කළමනාකරණය සහ දියුණුව.
- නිෂ්පාදන හා සේවා සැපයීම, ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් හා ඇණවුම් කළමනාකරණය, මිලදී ගැනීම් ක්‍රියාවලිය හා ඉටු කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය, කළමනාකරණය සහ නිෂ්පාදන හෝ සේවාවන් වැඩිදියුණු කිරීම, විශ්ලේෂණ සහ වෙළෙඳපල බුද්ධිය, අපගේ විකුණුම් ක්‍රියාවලියන්හි පෙරනිමි අවදානම් අවම කිරීම, නීතිමය හිමිකම් බලාත්මක කිරීම , අධිකරණයෙන් පිටත ක්‍රියා පටිපාටි හරහා ණය එකතු කිරීම සහ ක්‍රියාකාරකම් ප්‍රතිසංවිධානය කිරීම, ක්‍රියාකාරකම් අත්පත් කර ගැනීම සහ විකිණීම, ව්‍යාපාර අංශ සහ සමාගම් ඇතුළුව හැකි උපරිම අර්ථයෙන් අපගේ ව්‍යාපාරයේ හැසිරීම, කළමනාකරණය, සංවර්ධනය සහ දියුණුව;
- ඔබට ගැලපෙන අලෙවිකරණ සන්නිවේදනය බෙදාගැනීම, ඔබට පුද්ගලික පණිවිඩ යැවීම සහ ඔබේ සම්බන්ධතා තොරතුරු වල නිරවද්‍යතාවය සහතික කිරීම ඇතුළුව දැනට සිටින ගනුදෙනුකරුවන් සඳහා ඍජු අලෙවිකරණ අරමුණු සඳහා;
- නෛතික, නියාමන, සම්මත සහ ABB අභ්‍යන්තර අවශ්‍යතා සහ ප්‍රතිපත්ති නිරීක්ෂණය කිරීම, විමර්ශනය කිරීම සහ සහතික කිරීම;
- එවැනි ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම, ABB වත්කම්, නිෂ්පාදන සහ සේවා අනිසි ලෙස භාවිතා කිරීම සහ ජාල සහ තොරතුරු සුරක්ෂිතතාව සහතික කිරීම ඇතුළුව දැඩි ලෙස අත්‍යවශ්‍ය ලෙස හා සමානුපාතිකව වංචා සහ අපරාධ ක්‍රියාකාරකම් වැළැක්වීම; සහ
- අවශ්‍ය පරිදි අභ්‍යන්තර පරිපාලනමය අරමුණු සඳහා ABB සමූහය තුළ පුද්ගලික දත්ත සම්ප්‍රේෂණය කිරීම, උදාහරණයක් ලෙස මධ්‍යගත සේවා සැපයීම (www.abb.com/privacy තුලින් ඉල්ලීමක් කිරීමෙන් මෙකී උනන්දුකාරකකම් සම්බන්ධයෙන් අප විසින් ඔබගේ පුද්ගලික දත්තයන් සකසනු ලබන්නේ ඇයි දැයියන්න පිළිබඳ අපගේ තක්සේරුවේ පිටපතක් ඔබට ලබාගත හැක්කේය.)
- සමහර අවස්ථාවලදී, අපි ඔබේ පුද්ගලික දත්ත නීතිමය බැඳීම් සහ ව්‍යවස්ථාපිත අවශ්‍යතා මත පදනම්ව සම්පාදනය කරන්නෙමු. නිදසුනක් ලෙස, බදු හෝ වාර්තා කිරීමේ බැඳීම්, බලධාරීන් සමඟ සහයෝගීතා බැඳීම්, ව්‍යවස්ථාපිත රඳවා ගැනීමේ කාල සීමාවන් හෝ නිල හෝ අධිකරණ ක්‍රියාමාර්ගවල විෂය පථය තුළ පුද්ගලික දත්ත අනාවරණය කිරීම, සාක්ෂි ගැනීම, නඩු පැවරීම හෝ සිවිල් නීතිමය හිමිකම් බලාත්මක කිරීම සඳහා අවශ්‍ය විය හැකිය.
සාපරාධී වැරදිකරුවන් සහ වැරදි පිළිබඳ පුද්ගලික දත්ත සම්බන්ධයෙන්, අපි එවැනි දත්ත සැකසෙන්නේ අදාළ (දේශීය) නීතියෙන් එවැනි සැකසුම් කිරීමට අවසර දී ප්‍රතිපාදන ඇති විට පමණි.
6. අපි ඔබේ පුද්ගලික දත්ත බෙදාගන්නා පාර්ශවයන් (යුරෝපා සංගමය සහ EEA තුළ සහ ඉන් පිටත හෝ ඔබේ දත්ත පාලනය කරන ABB සමාගම පිහිටා ඇති රටෙන් පිටස්තරව)
පහත වගුවේ විස්තර කර ඇති අරමුණු සඳහා පමණක් අපි ඔබේ පුද්ගලික දත්ත වෙනත් ABB අනුබද්ධයන් හෝ තෙවන පාර්ශවයන් සමඟ බෙදා ගන්නෙමු. අපි යුරෝපා සංගමයට (“EU”) සහ යුරෝපීය ආර්ථික ප්‍රදේශයට (“EEA”) හෝ ABB සමාගම පිහිටා ඇති රටෙන් පිටතට මාරු කිරීමට හෝ ප්‍රවේශ වීමට හැකි වන පරිදි ඔබේ පුද්ගලික දත්ත අනුබද්ධ හෝ තෙවන පාර්ශවයක් සමඟ බෙදා ගන්නා විට, ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා අපි සෑම විටම ප්‍රමාණවත් ආරක්ෂාවන් යොදන්නෙමු. මෙම ආරක්ෂණයන් සඳහා උදාහරණ යුරෝපීය කොමිසමේ හෝ සම්මත ගිවිසුම් හා ප්රඥප්ති වගන්තිවල ප්‍රමාණවත් තීරණයකි. ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා ඔබේ දත්ත පාලනය කරන ABB සමාගම පිහිටා ඇති යුරෝපා සංගමය, EEA සහ රටෙන් පිටත සිට දත්ත මාරු කිරීම සඳහා අපි අතිරේක පියවර ගෙන ඇත්තෙමු. දැනට පවතින ආරක්ෂාවන් පිළිබඳ දළ විශ්ලේෂණයක් කිරීමට ඔබ කැමති නම්, කරුණාකර www.abb.com/privacy වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.
ලබන්නාගේ නම හෝ-යුරෝපා සංගම් රටක් නොවන විට ලබන්නාගේ වර්ගීකරණය |
ලබන්නාගේ ස්ථානගතය |
අරමුණ |
ඒ.බී.බී.අනුබද්ධිත ආයතන හෝ උප සමාගම් |
ඒ.බී.බී. උප සමාගම් ලේඛණය බලන්න |
මෙම රහස්‍යභාවය පිළිබඳ නිවේදනයේ විස්තර කොට ඇත්තාවූ අරමුණු |
ඒ.බී.බී. ව්‍යාපාර හවුල්කරුවන් , බෙදාහරින්නන් සහ නියෝජිතයන් |
යුරෝපා සංගම් හෝ යුරෝපා සංගම් නොවන |
මෙම රහස්‍යභාවය පිළිබඳ නිවේදනයේ විස්තර කොට ඇත්තාවූ අරමුණු |
සේවා සපයන්නන් |
යුරෝපා සංගම් හෝ යුරෝපා සංගම් නොවන |
තොරතුරු තාක්ෂන සේවාවන්, අලවි නියෝජිත ආයතනයන්, ගෙවීම් සකසන්නන්, ඒ.බී.බී. වෙනුවෙන් පාරිභෝගික සහාය සේවා සපයන්නන් |
ඉදිරියේදී විය හැකි හෝ සත්‍ය වශයෙන් වන ඒ.බී.බී. වත්කම් අත් පත් කර ගන්නන්. |
යුරෝපා සංගම් හෝ යුරෝපා සංගම් නොවන |
ව්‍යාපාරයේ හෝ වත්කම්වල තක්සේරු කිරීම හෝ සමාගම්වල පරිවර්තනය / ඒකාබද්ධ කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා. |
රාජ්‍ය හෝ නීති ක්‍රියාත්මක කරන බලධාරීන්ට නීති මගින් හෝ නෛතික කටයුතු මගින් අවශ්‍ය කොට ඇත්තාවූ ආකාරයට ලැබුම්කරුවන් ගෙන්. |
යුරෝපා සංගම් හෝ යුරෝපා සංගම් නොවන |
රජයේ බලධාරීන් හෝ වලංගු නෛතික අවශ්‍යතාවන් සඳහා ඉල්ලා සිටි විට හෝ අදාල වන්නා වූ නීති මගින් අවශ්‍ය කොට ඇති විට. |
7. ඔබගේ පුද්ගලික දත්තයන් අප කොපමණ කාලයක් තබාගන්නේද ?
අනිවාර්ය නීති සම්පාදනය මත පදනම්ව, ABB විසින් යම් යම් පුද්ගලික දත්ත අවම කාලයක් සඳහා තබා ගත යුතුය. මෙම රහස්‍යතා දැන්වීමේ විස්තර කර ඇති අරමුණු සඳහා අවශ්‍යතාක් කල් හෝ ඔබ තවදුරටත් ABB අලෙවිකරණ ද්‍රව්‍ය ලබා ගැනීමට අකමැති බව ඔබ අපට දන්වන තුරු අපි ඔබේ පුද්ගලික දත්ත තබා ගන්නෙමු.
පොදුවේ ගත් කල, ගනුදෙනුකරුවන් සම්බන්ධ පුද්ගලික දත්ත ගිවිසුම්ගත සම්බන්ධතාවයේ කාලසීමාව සහ අවම කාල සීමාවක් සඳහා (සාමාන්‍යයෙන් කොන්ත්‍රාත්තුව අවසන් වීමෙන් වසර 5-10 අතර) හෝ දේශීය නීති සහ නියාමන අවශ්‍යතා අනුව දිගු කාලයක් සඳහා තබා ඇත. මෙම දැන්වීමේ විස්තර කර ඇති පරිදි ස්වයංක්‍රීය ක්‍රම මත පදනම්ව සාදන ලද පැතිකඩ මාස 24 ක් දක්වා තබා ගනී.
ඒ අතරම, අදාළ දත්ත ආරක්ෂණ නීති මගින් පුද්ගලික දත්ත සැකසීමේ අරමුණ සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් පුද්ගලික දත්ත හඳුනාගත හැකි ආකාරයෙන් තබා නොගත යුතුය. තොරතුරු තාක්ෂණ යෙදුම් සහ ප්‍රතිපත්ති සැකසීම තුළින් ඔබගේ පුද්ගලික දත්ත අපට තවදුරටත් අවශ්‍ය නොවන විට මකාදැමීමට අපි සහතික වන්නෙමු.
8. ඔබගේ පුද්ගලික දත්තයන් පිළිබඳ රහස්‍යභාවය පිළිබඳ ඔබගේ අයිතිවාසිකම්.!
ඔබ පදිංචි සහ ඔබ ගේ පුද්ගලික දත්තයන් සකසන අධිකරණ කලාපයන්ට යටත්ව ඔබට පහත සඳහන් හිමිකම් සඳහා අයිතිවාසිකම් ඇත්තේය.
දත්තයන් පිළිබඳ රහස්‍යභාවය පිළිබඳ අයිතිවාසිකම් |
ඉන් අදහස් කරන්නේ කුමක්ද |
දත්ත වලට ප්‍රවේශය සඳහා වන හිමිකම |
යම් ව්‍යතිරේඛයන්ට යටත්ව ඔබ සම්බන්ධයෙන් අප විසින් තබාගෙන ඇත්තාවූ පුද්ගලික දත්තයන් පිලිබඳව පිටපත් ලබා ගැනීමට ඔබට අයිතිවාසිකම් ඇත්තේය. |
දත්තයන් නිවරදි කිරීම සඳහා වන හිමිකම |
අසම්පූර්ණ සහ නිවරදි නොවන පුද්ගලික දත්තයන් වහාම නිවරදි කරන ලෙසට ඉල්ලා සිටීමේ හිමිකම සෑම විටම ඔබ වෙත ඇත්තේය. |
දත්ත මකා දැමීමේ හිමිකම |
අදාළ වන නීති මගින් දත්තයන් මකා දැමීම අප විසින් කළ යුතු යයි බැඳී ඇති විට හෝ දත්ත |
දත්ත සැකසිම සීමාකිරීම සඳහා වන හිමිකම |
සැකසිම නීත්‍යානුකූල නොවන විට ඒවා තවදුරටත් අවශ්‍ය නොවන විට පුද්ගලික දත්තයන් මකා දමන ලෙස ඉල්ලා සිටීමට ඔබට හිමිකම් ඇත්තේය. ඔබ විසින් දෙනු ලැබූ ඔබගේ මනාපය දීම ඉවත් කොට ගෙන ඇති විට සහ දත්ත සැකසීම පිලිබඳව විරෝධය පානු ලබන විට ඔබගේ පුද්ගලික දත්තයන් මකා දමන ලෙස අපෙන් ඉල්ලා සිටීමට ඔබට හිමිකම ඇත්තේය. කෙසේ වුවත් මෙය දත්ත මකා දැමීම සඳහා වන පොදු අයිතිවාසිකමන් නොවන අතර ඒ සදහා ව්‍යතිරේඛයන් පවතී. |
දත්ත සැකසිම සීමාකිරීම සඳහා වන හිමිකම |
විශේෂිත තත්ත්වයන් යටතේ ඔබගේ පුද්ගලික දත්ත සැකසීම සීමා කිරීමට ඔබට අයිතිවාසිකම් ඇත්තේය. එවැනි තත්ත්වයන් යටතේ අප තවදුරටත් ඔබගේ දත්තයන් ගබඩා කොට තබා ගනු ලැබිය හැකි වූවත් ඒවා තව දුරටත් භාවිත නොකරනු ඇත්තේය. |
දත්තයන් එහෙ මෙහෙ ගෙනයාමේ හිමිකම |
නීත්‍යානුකූල උනන්දුවක් මත පදනම් වූ ඔබේ පුද්ගලික දත්ත සැකසීමට ඔබේ විශේෂිත තත්වයෙන් පැන නගින හේතු නිසා ඕනෑම වේලාවක විරෝධය දැක්වීමට ඔබට අයිතියක් තිබේ. |
දත්ත සැකසීමට විරුද්ධ වීම සඳහා වන හිමිකම |
අපගේ නීත්‍යානුකූල උනන්දුකාරකම් මත වන කරුණු දැක්වීම් ඔබගේ දත්ත රහස්‍යභාවය පිළිබද අයිතිවාසිකම් මගින් යටපත් කෙරෙන විට නීත්‍යානුකූල උනන්දුකාරකම් පදනම් කොටගෙන ඔබගේ පුද්ගලික දත්තයන් අප විසින් සැකසීම සම්බන්ධයෙන් විරුද්ධ වීමට ඔබට හිමිකම ඇත්තේය. |
ඉහත විස්තර කර ඇති අයිතිවාසිකම් නිරපේක්ෂ නොවන බවත්, ඔබේ ඉල්ලීම සැමවිටම සම්පුර්ණ කළ නොහැකි බවත් කරුණාවෙන් සලකන්න. නිදසුනක් වශයෙන්, ඇතැම් පුද්ගලික දත්ත තබා ගැනීම සඳහා අපට නීතිමය බැඳීම් හෝ ගිවිසුම්ගත බැඳීම් ඇති බැවින් සමහර විට අපට ඔබගේ පුද්ගලික දත්ත සැකසීම මකා දැමීමට හෝ සීමා කිරීමට නොහැකිය.
www.abb.com/privacy තුලින් ඔබගේ පුද්ගලික දත්ත රහස්‍යභාවය පිළිබඳ හිමිකම් ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීමක් කළ හැකිය.
9. සම්බන්ධ කරගත හැකි තොරතුරු සහ අදාළ අනෙකුත් තොරතුරු
ඔබට ඔබේ පුද්ගලික දත්ත වලට ප්‍රවේශ වීමට අවශ්‍ය නම්, ඉහත සඳහන් කර ඇති වෙනත් ඕනෑම අයිතිවාසිකමක් භාවිතා කිරීමට හෝ ABB ඔබේ පුද්ගලික දත්ත සකසන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න ඇත්නම්, කරුණාකර අපගේ කණ්ඩායම් දත්ත ආරක්ෂණ නිලධාරී රහස්‍යතා වෙබ් අඩවිය කරා යොමුවන්න. ඒ් අනුව ඔබේ පැමිණිල්ල www.abb.com/privacy හි ඉදිරිපත් කරන්න.
අපගේ ප්‍රතිචාරය පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් හෝ අප ඔබේ පුද්ගලික දත්ත නීතියට පටහැනිව සකසන්නේ යැයි විශ්වාස කරන්නේ නම්, දත්ත රහස්‍යතා නීති උල්ලංඝනය කිරීමක් සිදුවී ඇතැයි ඔබ විශ්වාස කරන තැන පිළිබඳව ඔබ පදිංචි වී සිටින හෝ වැඩ කරන රටේ දත්ත රහස්‍යතා අධිකාරියට පැමිණිල්ලක් ගොනු කිරීමට හෝ අධිකරණ නීති පද්ධති හරහා පිළියමක් ලබා ගැනීමට ඔබට අයිතියක් තිබේ.
10. මෙම ලේඛනය සඳහා යාවත්කාලීන කිරීම්
අවශ්‍ය වර්ධනයන්හි ප්‍රතිඵලයක් ලෙස වරින් වර මෙම රහස්‍යතා නිවේදනය යාවත්කාලීන කළ හැකිය. එවැනි යාවත්කාලීන කිරීම් වලදී, සිදු කරන ලද වෙනස්කම් වල වැදගත්කම මත පදනම්ව ඒවා පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අප විසින් ගනු ඇත. අදාළ වන නීති මගින් අවශ්‍ය වන්නේ නම් සහ අපගේ යාවත්කාලීන භාවිතයන් විස්තර කරන ඕනෑම ද්‍රව්‍යමය රහස්‍යතා දැන්වීම් වෙනස් කිරීම් සඳහා අපි ඔබේ කැමැත්ත ඉල්ලා සිටිමු.
මෙම රහස්‍යතා නිවේදනය යාවත්කාලීන කළේ කවදාදැයි බැලීමට කරුණාකර “ප්‍රකාශන දිනය” පරීක්ෂා කරන්න.
ප්‍රකාශන දිනය: 01.03.2021